අපගේ දැක්ම

මානව හිතවාදී කාර්යක්ෂම රාජ්‍ය සේවයක්

අපගේ මෙහෙවර

රිදීමාලියද්ද ප්‍රාදේශිය ලේක්ම කොට්ඨාසයේ ජනතාවගේ ආර්ථික, සමාජයීය, සංස්කෘතික අවශ්‍යතා ඔවුනට සමීපව ද නීත්‍යානුකූලව ද ඉටුකර දී ඔවුන්ගේ තිරසාර සංවර්ධනයට මං සැළසීම.
 

රිදිමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පිළිබඳ මූලික තොරතුරු විග්‍රහය

ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගණ මැතිවරණ කොට්ඨාශය තුල පිහිටා ඇති රිදිමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්, 

  • භූම් ප්‍රමාණය වර්ග කිලෝ මීටර් 430 කි.
  • ග්‍රාම නිලධාරි වසම් 42 කි.
  • ගම්මාන සංඛ්‍යාව 170 කි.
  • මුළු ජනගහනය 62017කි.

වියළි දේශගුණයකින් යුත් රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනතාවගේ ප්‍රධාන ආදායම් මාර්ගය කෘෂිකර්මාන්තය වුවද, කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය ප්‍රධාන සාධකයක් වන ජලය ලැබෙනුයේ වර්ෂයේ සැපුතැම්බර් මාසයේ සිට පෙබරවාර් මාසය දක්වා වූ ඊසාන දිග මෝසම් වර්ෂාවෙන් පමණි. බොහෝ දුරට වර්ෂයේ ඉතිරි මාස වල තද වියළි කිළගුණික තත්වයක් පවත්නා අතර දැඩි නියගයකටද මුහුණ දිමට සිදු වේ.

 දරිද්‍රතා අනුපාතය 51.8% ක් වන මෙම කොට්ඨාශය, ශ්‍රී ලංකාවේ දරිද්‍රතා අනුපාතය අතින දෙවන ස්ථානය ගනි. අඩු ආදායම් ලාභින් හා ඒ මත දුප්පත්කම වෙලි ඇති රිදිමාලියද්ද ග්‍රාමිය ජනතාවට මුහුණ පාන්නට සිදුවන ප්‍රධාන ගැටළුව වී ඇත්තේ කෘෂි කටයුතු සඳහා අවශ්‍ය ජල පහසුකම් නොමැති වීමත්, රැකියා අවස්ථා හා අවශ්‍ය ප්‍රවේශ මාර්ග සංවර්ධනය වී නොමැති විමත්ය.

කොට්ඨාශය හඳුනාගැනීමේ තොරතුරු

පළාත - ඌව

දිස්ත්‍රික්කය - බදුල්ල

මැතිවරණ කොට්ඨාශය - මහියංගණය

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය - රිදිමාලියද්ද

ප්‍රාදේශීය සභාව - රිදිමාලියද්ද

පොලිස් බල ප්‍රදේශය - මහියංගණය

රෙජිස්ට්‍රාර් කොට්ඨාශ

1. අරළුපිටිය

2. පල්වත්ත

3. නාගදීප

ගොවිජනසේවා කොට්ඨාශ

1. රිදිමාලියද්ද

2. නාගදීප

News & Events

Scroll To Top